Template:මාසයේ ජීව විශේෂය

From Wikispecies
Jump to navigation Jump to search

මාසයේ ජීව විශේෂය[edit]

හිම වලසා[edit]

Ursus maritimus

Ursus maritimus

හිම වලසා වනාහි වලස් පවුලට අයත් උත්තර ධ්‍රැවය ආශ්‍රීතව වාසය කරන සත්ව විශේෂයකි. හිම වලසා ලෝකයේ විශාලතම වලස් විශේෂය වන අතර, ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භාක්ෂකයන්ද වේ. වැඩුණු පිරිමි වලසෙකු බරින් කිලෝග්‍රෑම් 350–700 (රාත්තල් 770–1,500) පමණද, වැඩුණු වලහින්නියක එම බරින් බාගයක් පමණද වේ. හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා සමීප සම්බධතාවයක් පවතියද, හිම වලසුන් සීත දේශගුණයට සරිලන පරිදි පරිණාමය වී ඇත. ඔවුන්ගේ දේහයන් සීත දේශගුණය දරාගැනීමට, හිම මත ඇවිදීමට, පිහිනීමට හා සීල් මත්ස්‍යයින් දඩයම් කිරීමට අනුවර්තනය වී ඇත. හිම වලසුන් ගොඩබිමේ උපත ලැබුවත්, ඔවුන් ජලයේ වාසය කිරීමට ප්‍රිය කරති. ඔවුන්ගේ විද්‍යාත්මක නාමයේ අර්ථය වන්නේද ‘මුහුදුබඩ වලසා’ යන්නයි. හිම වලසුන්ට සීල් මත්ස්‍යයින් දඩයම් කල හැක්කේ මුහුදු ජලය මිදුන කාල වලදී පමණි. අනෙක් කාල වලදී ඔවුන් ජිවත් වන්නේ ශරීරයේ මේද තැන්පතු වලිනි.

ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් හිම වලසුන් ‘අන්තරායට ලක්විය හැකි’ ගණයට වර්ගීකරණය කර ඇත. දැනට හිමවලසුන්ගේ උපසංගහන 19 ක් අතරින් 8 ක ගහනය හීනවෙමින් පවතී. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය දශකය තුල හිම වලසුන් මහා පරිමානයෙන් දඩයම් කිරීමයි. මේ පිලිබදව ජාත්‍යන්තර අවධානය යොමුවීමත් සමග හිම වලසුන් සංගහනය සංරක්ෂණය උදෙසා නොයෙකුත් පාලනවිධි හා කොටාවන් ක්‍රියාත්මකවීමෙන් අද වන විට හිම වලසුන් සංගහනය ආරක්ෂා කිරීමට හැකිවී ඇත. වසර දහස් ගණනක් තිස්සේ හිම වලසුන් ස්වදේශීය ආක්ටික් ජනතාවගේ ජිවිතවල භෞතික, අධ්‍යාත්මික හා සංස්කෘතික සලකුණක් බවට පත්වී ඇත.