මුල් පිටුව

From Wikispecies
Jump to navigation Jump to search

ජීවවිශේෂවිකි

වෙත සාදරයෙන් පිළිගනිමු

ජීවී විශේෂ පිළිබඳ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් ඩිරෙක්ටරිය.

ඇනිමාලියා, ප්ලාන්ටේ, ෆන්ගයි, බැක්ටීරියා, ආකියා, ප්‍රොටිස්ටා සහ වෙනත් සියළු ජීවී වර්ග ආවරණය කෙරේ.

මේ වනවිට අප සතු ලිපි සංඛ්‍යාව: 870,474කි

ජීවය පොදු වස්තුවක් නිසා ජීවවිශේෂවිකියද එලෙසම වේ !

ඔබට අපව ට්විටර් හරහා සම්බන්ධ කරගත හැකියි: @Wikispecies
එමෙන්ම විකිමාධ්‍ය මගින් අනුග්‍රහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම බාවිතා කල හැකියි.

අපට අයිආර්සී චැනලයක්ද ඇත #wikispeciesconnect

තක්සෝන වර්ගීකරණය

ජීවවිශේෂවිකිය ගවේෂණය කරන්න

සූකීස් සමග ඒකාබද්ධ වීම

ජීවවිශේෂවිකිය හා සූකීස් ඒකාබද්ධ වීම ප්‍රකාශයට පත් කර ඇත. පයිටොකීස් ද මෙම ඒකාබද්ධ වීමට 2010 නොවැම්බර් මසදී සහබාගී විය. ජීවවිශේෂවිකියේ භාවිතය සදහා සූකීස් හා පයිටොකීස් වෙතින් ජීව විශේෂ වල ඡායාරූප විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගත කෙරෙනු ඇත.

අග්‍රගණ්‍ය කර්තෘ

චාල්ස් ඩාවින්
  (1809-1882).

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ ර‍ඳා පැවැත්ම උදෙසා සිදුකරනා අරගලයේදී සියලු ජීවී ප්‍රභේදයන් ස්වභාවිකව වරණාත්මක තත්වයකට තල්ලු වී යන බවත්, එකී විද්‍යාත්මක ක්‍රියාවලිය පරිණාමවාදය වශයෙන් ලොවට හඳුන්වා දුන්නේය. තවද මෙකී රැඳී සිටීම සදහා සිදු කරන අරගලය කෘතිම අභිජනන ක්‍රියාවලිය වන වරණාත්මක ලෙස බෝ කිරීමට උපකාර වන බව අවධාරණය කළේය.

සිය පරිණාමවාදයේ න්‍යායන් ප්‍රකට කළ ඩාවින් 1859දී පළ කරන ලද සිය ග්‍රන්ථය තුලින් පල කළ අදහස්, යම් ජීවී ප්‍රභේදයක ආරම්භය කිසියම් වූ විද්‍යාත්මක නොවන තත්වාන්තරකරණ ක්‍රියාවලියකින් සිදුවන බවට පළවූ පරණ මතවාද දුරලන්ට සමත් විය. එහෙත් වැඩි දෙනා පිළිගත් මතය තරඟකාරී පහදාදීම වූ අතර, නව පරිණාමවාදී සංකලනය 1930 සිට 1950 කාලය දක්වා පලල්ව ඒකමතිකව වර්ධනය විය. පරිණාමවාදය සඳහා මූලික සිද්ධාන්තය වුයේ ස්වාභාවික වරණාත්මක ක්‍රියාවලියයි. ඩාවින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම ජීවී විද්‍යාත්මක සංකලනයන් එක්සත් කිරීමේ න්‍යායක්ද විය.

මාසයේ ජීව විශේෂය

හිම වලසා

Ursus maritimus

Ursus maritimus

හිම වලසා වනාහි වලස් පවුලට අයත් උත්තර ධ්‍රැවය ආශ්‍රීතව වාසය කරන සත්ව විශේෂයකි. හිම වලසා ලෝකයේ විශාලතම වලස් විශේෂය වන අතර, ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භාක්ෂකයන්ද වේ. වැඩුණු පිරිමි වලසෙකු බරින් කිලෝග්‍රෑම් 350–700 (රාත්තල් 770–1,500) පමණද, වැඩුණු වලහින්නියක එම බරින් බාගයක් පමණද වේ. හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා සමීප සම්බධතාවයක් පවතියද, හිම වලසුන් සීත දේශගුණයට සරිලන පරිදි පරිණාමය වී ඇත. ඔවුන්ගේ දේහයන් සීත දේශගුණය දරාගැනීමට, හිම මත ඇවිදීමට, පිහිනීමට හා සීල් මත්ස්‍යයින් දඩයම් කිරීමට අනුවර්තනය වී ඇත. හිම වලසුන් ගොඩබිමේ උපත ලැබුවත්, ඔවුන් ජලයේ වාසය කිරීමට ප්‍රිය කරති. ඔවුන්ගේ විද්‍යාත්මක නාමයේ අර්ථය වන්නේද ‘මුහුදුබඩ වලසා’ යන්නයි. හිම වලසුන්ට සීල් මත්ස්‍යයින් දඩයම් කල හැක්කේ මුහුදු ජලය මිදුන කාල වලදී පමණි. අනෙක් කාල වලදී ඔවුන් ජිවත් වන්නේ ශරීරයේ මේද තැන්පතු වලිනි.

ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් හිම වලසුන් ‘අන්තරායට ලක්විය හැකි’ ගණයට වර්ගීකරණය කර ඇත. දැනට හිමවලසුන්ගේ උපසංගහන 19 ක් අතරින් 8 ක ගහනය හීනවෙමින් පවතී. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය දශකය තුල හිම වලසුන් මහා පරිමානයෙන් දඩයම් කිරීමයි. මේ පිලිබදව ජාත්‍යන්තර අවධානය යොමුවීමත් සමග හිම වලසුන් සංගහනය සංරක්ෂණය උදෙසා නොයෙකුත් පාලනවිධි හා කොටාවන් ක්‍රියාත්මකවීමෙන් අද වන විට හිම වලසුන් සංගහනය ආරක්ෂා කිරීමට හැකිවී ඇත. වසර දහස් ගණනක් තිස්සේ හිම වලසුන් ස්වදේශීය ආක්ටික් ජනතාවගේ ජිවිතවල භෞතික, අධ්‍යාත්මික හා සංස්කෘතික සලකුණක් බවට පත්වී ඇත.

ජීවවිශේෂවිකිය වෙනත් භාෂා වලින්

ජීවවිශේෂවිකිය පවත්වාගෙනයනු ලබන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම මගිනි. මෙම සංවිධානය තවත් බහුභාෂාමය සහ නිදහස්-අන්තර්ගත සහිත ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරයි.

සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුවෙතද සබැඳි පහත දැක්වේ.

wikipedia විකිපීඩියා
නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍
commons කොමන්ස්
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
Wikinews විකිපුවත්
විවෘත පුවත්පත් කලාව
(මෙය සිංහලෙන් නොපවතියි)
Wiktionary වික්‍ෂනරි
නිදහස් ශබ්දකෝෂය
Wikibooks විකිපොත්
පෙළපොත් සහ අත්පොත්
Wikiquote විකිකියමන්
උපුටා දැක්වීම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikiversity විකිසරසවිය
ඉගෙනීමේ මෙවලම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikivoyage විකිචාරිකා
සංචාරක මාර්ගෝපදේශකය
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikisource විකිමූලාශ්‍ර
මූලාශ්‍ර පාඨ
Wikidata විකිදත්ත
දැනුම් සංචිතය
Meta-Wiki මෙටා-විකි
සම්බන්ධීකරණය
MediaWiki මාධ්‍යවිකි
විකි මෘදුකාංග සංවර්ධනය